Latest News

LITRO ගෑස් ගබඩා පර්යන්තය දවස් 5ක් වසා තැබෙයි

මුතුරාජවෙල පිහිටි LITRO ගෑස් ගබඩා පර්යන්තය අප්‍රේල් 17 දක්වා වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම පර්යන්තය එළඹෙන අප්‍රේල් 18 වැනි දා නැවත විවෘත කෙරෙන බවටයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය තුළ දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු ද තාවකාලිකව නතර කෙරෙන බව සඳහන්.

සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් මෙලෙස ගබඩා පර්යන්තයේ කටයුතු නවතා තබා තිබෙනවා.