සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ බිළිඳු පුතු ජිවිතක්ෂයට
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ බිරිඳ වන ජෝර්ජිනා රොඩ්රිගස්ගේ අලුත උපන් බිළිඳා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (18) දින රොනාල්ඩෝ සිය නිල ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, තම සිඟිත්තා මියගිය බවයි.
තම දරුවාගේ මරණය සම්බන්ධයෙන් සංවේදී වූ ඔහු මෙලෙස සඳහන් කර තිබුණා.
“It is with our deepest sadness we have to announce that our baby boy has passed away. It is the greatest pain that any parents can feel.” (අපේ දරුවා මියැදීම බලවත් ශෝකයෙන් යුතුව ප්‍රකාශ කිරීමට සිදු ව ඇති අතර, එය ඕනෑම දෙමව්පියෙකුට දැනෙන ලොකුම වේදනාවක්.”) බව සඳහන් කර තිබෙනවා.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් පසුගිය දෙසැම්බරයේ දී නිවේදනය කලේ, ඔවුන් නිවුන් දරුවන් බලාපොරොත්තුව ඇති බවත්, එම දරුවන් පිරිමි සහ ගැහැණු දරුවන් වන බවත්ය.
කෙසේවෙතත්, මෙම නිවුන් දරුවන්ගෙන් ගැහැණු බිළිඳය යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, මේ වනවිටත් උපත ලැබූ නව සිඟිත්තිය වෛද්‍ය සහ හෙදියන්ගේ දැඩි අවධානය සහ උපකාර යටතේ සුරක්ෂිතව සිටිනවා.
මේ අතර බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම විසින් ශෝකය පළ කර තිබෙනවා.