Latest News

“රඹුක්කන ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සහමුලින් හෙළා දකිනවා” – ඇමෙරිකානු තානාපතිවරිය

ඊයේ (19) දිනයේ රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් සිදුකළ වෙඩි තැබීම හේතුවෙන් එක් පුද්ගලයෙකු මියයාම සම්බන්ධව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය සිය ශෝකය පළකර තිබෙනවා.

ඇමරිකානු තානාපතිවරිය වන ජූලී චන්ග් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, රඹුක්කන ප්‍රදේශයේ හටගත් සිද්ධියේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන් දැඩි කම්පනයට සහ කනස්සල්ලට පත්ව ඇති බවයි.

සියලු ආකාරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් තමන් සහමුලින් හෙළා දකින බවත් පොලිසිය සහ විරෝධතාකරුවන් වඩාත් සංයමයෙන් හැසිරිය යුතු බවත් ඇය පෙන්වා දී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනිවිද සාධාරණ පරීක්ෂණයක් පවත්වා වින්දිතයින්ට සාධාරණය ඉටුකර දීම සියලු පාර්ශවයන්ගේ වගකීම බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.