මනුෂ්‍ය ඝාතනයක් සිදු නොවී විරෝධතාකරුවන් විසුරුවා හරින්න තිබ්බා – මහින්ද දේශප්‍රිය
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් ඊයේ (19) දින රඹුක්කන විරෝධතාකරුවන්ට පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීම සහ සිවිල් වැසියෙකු මියයාම සම්බන්ධව ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා වෙතයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ ප්‍රකාශ කිරීම, පොලීසිය විසින් එලෙස වෙඩි තැබුවේ සාධාරණ හේතු මත යැයි කීම යන කරුණු එකිනෙකට පරස්පර විරෝධී බව මහින්ද දේශප්‍රිය මහතා සිය නිවේදනයෙන් දක්වනවා.
මෙම උද්ඝෝෂණ ආරම්භ වීමට හේතු වන්නේ රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟය මුල්කරගනිමන් බව පෙන්වාදෙන ඒ මහතා සඳහන් කලේ, මෙවැනි ම අරගලයක් ඊයේ දිනයේ දී රත්නපුර නගරයෙන් ද වාර්තා වුව ද, එහි කිසිදු බරපතළ සිදුවීමක් වාර්තා නොවූ බවයි.
එබැවින් මෙම සිද්ධිය සහ පොලිස් වෙඩි පහරින් අයෙකු ජීවිතක්ෂයට පත්වීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව පවසන හිටපු සභාපතිවරයා අවධාරණය කරන්නේ, මනුෂ්‍ය ඝාතනයක් සිදු නොවන අයුරින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසියට ඕනෑ තරම් අවස්ථාව තිබූ බවට තමන් විශ්වාස කරන බවයි.
මහින්ද දේශප්‍රිය මහතා විසින් යොමු කළ ලිපිය පහතින්.
මහින්ද දේශප්‍රිය
විශ්‍රාමික මැතිවරණ කොමසාරිස්
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති .
110 , පොල්වත්ත පාර
පෝරඹ , අම්බලන්ගොඩ
2022.04 20.
ලේකම් , මහජන ආරක්ෂක අමාත්‍යාංශය
පොලිස්පති , ශ්‍රී ලංකා පොලීසිය
මහත්වරුනි
රඹුක්කන මහජන උද්ඝෝෂණය හා පොලිස් වෙඩි තැබීම
ඉහත කරුණට අදාළව පරීක්ෂණ පැවැත්වීමට ඔබ පියවර ගන්නා බව ප්‍රකාශ කරන අතරම ඒ වෙඩි තැබීමට සාධාරණ හේතු ඇති බව පොලීසිය විසින්ම ප්‍රකාශ කිරීම එකිනෙකට පරස්පර බව පළමුවෙන්ම කාරුණිකව පෙන්වා දෙමි .
මෙම උද්ඝෝෂණය ආරම්භවීමටහේතුව ඉන්ධන හිඟය , මිළ වැඩි කළ සැණෙන් ඒවන විට තිබූ තොගය වැඩිමිළට අලෙවි කිරීමේ නියමය නැතහොත් ප්රයත්නය සහ එයට අදාළ තවත් කරුණු බව නිරීක්ෂණය වේ .
මෙවැනිම උද්ඝෝෂණයක් 19 දින අලුයම රත්නපුරයේද ආරම්භ වී ඇති නමුත් එහිදී රඹුක්කන මෙන් බරපතල හානි එනම් ජීවිත හානි සිදුවී නැත.
එබැවින් රඹුක්කනදී මෙවැනි මනුෂ්‍ය ඝාතන සිදුනොවන පරිදි තත්වය පාලනය කිරීමට හැකියාව තිබූ බව හඟිමි .
ජනතාවට උද්ඝෝෂණ කිරීමට අයිතියක් ඇතිබව 18 දින ගරු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර පැය විසිහතරක් යෑමට පෙර , ජනතා උද්ඝෝෂණයකට පොලිසියෙන් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සරදමකි . ඛේදවාචකයකි . අයුක්තියකි ,
මේ පිළිබඳව සිදුකරන පරීක්ෂණයේදී අගතියට පත් පාර්ශව වෙනුවෙන් කරුණු දැක්වීමට ඉදිරිපත්වන නීතිඥයන්ට අවශ්‍ය සහාය දෙන ලෙස ඉල්ලා සිටින අතර සත්‍ය කරුණු ඉදිරිපත් කරන සාක්ෂි යටපත් කිරීමට හෝ වසන් කිරීමට ඉඩ නොදෙන ලෙසත් ඉතා ඕනෑකමින් අවධාරණය කර සිටිනු රිසියෙමි .
එමෙන්ම ගාලු මුව දොර හෝ වෙනත් ඕනම ස්ථානයක හෝ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණවලදී ජනතාව ප්‍රකෝප කරවන කටයුතුවලින් වැළකී සිටීමේ හා පොලිස් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටීමේ අනිවාර්ය අවශ්‍යතාව සම්බන්ධයෙන් ඔබගේ නිලධාරීන් දැනුම්වත් කරන ලෙසද මේ උද්ඝෝෂණ , ප්රචණ්ඩත්වය කරා යෑම වැළක්වීම , පොලීසිය වෙත පැවරෙන අත් හැරිය නොහැකි වගකීමක් බව වැඩිදුරටත් ඔබගේ නිලධාරීන් දැනුම්වත් කරන ලෙසත් කාරුණිකව දන්වා සිටිමි .
කුමන තත්වයක් යටතේ වුවද පොලිස් වෙඩි ප්‍රහාරයකින් උද්ඝෝෂකයන් ඝාතනය , මම දැඩි ලෙස හෙළා දකිමි .
මහින්ද දේශප්‍රිය
551581977 v
ජංගම දුරකථනය 0777464911
වට්සැප් 0758557941
ඉ තැපෑල wwmdeshapriya@gmail.com
මෙහි පිටපත් , දැනගැනීම සඳහා සහ නිසි කටයුතු සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත යැවෙයි.