Latest News

පාස්කු ඉරුදින ම්ලේච්ඡ ප්‍රහාරයට වසර තුනයි

පාස්කු ඉරුදින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී අදට වසර 3ක් සපිරෙනවා.

2019 වසරේ අප්‍රේල් 21 වන දින කටුවාපිටිය සියෝන්, කොච්චිකඩේ යන දේවස්ථාන වලට හා කොළඹ පිහිටි හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වුණා.

මීට අමතරව දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක හා දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් සිදුව තිබුණා.

මෙහිදී විදේශිකයින්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 270කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් වුණා.

අදාළ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස 300 ඉක්ම වුවා.