Latest News

ලබන සඳුදා තෙක් ලිට්‍රෝ ගෑස් නැහැ

ලබන 25 (සඳුදා) වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි බව ලිට්‍රෝ සමාගම පවසනවා.

මෙහිදී සමාගමේ නිලධාරියෙකු සඳහන් කලේ, ලබන 25 වැනිදා හා 26 වැනිදා ගෑස් මෙට්‍රික් ටොන් 3600 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට සේන්දු වීමට නියමිත බවත් ඉන් අනතුරුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් යළි නිකුත් කිරීමට හැකි බවත්ය.

කෙසේවෙතත් පසුගිය 12 වැනිදා සිට ගෑස් තොග අවසන් වීම හේතුවෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර් වෙළඳපොළට සැපයීම ලිට්‍රෝ සමාගම නවතා දමා තිබුණා.

ලිට්‍රෝ සමාගම විසින් වැඩිදුරටත් සඳහන් කලේ, කර්මාන්ත ශාලා,රෝහල් ,ආදාහනාගාර වැනි අත්‍යශ්‍ය සේවා සඳහා ගෑස් නිකුත් කිරීම අඛණ්ඩ සිදු කරන බවයි.