Latest News

ගාලු මුවදොර විරෝධතාවයේ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝහල්ගත කෙරේ

ගාලු මුවදොර අරගල භුමියේ උපවාසයේ නිරතවූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

උන්වහන්සේ දින 5 ක කාලයක සිට උපවාසයේ නිරතවූ අතර, අද (22) පෙරවරුවේ ජාතික රෝහලට ගිලන් රථයකින් රැගෙන යනු ලැබුවේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන්.

මේ අතර පූජ්‍ය මාතර විමල ධම්මහිමි අද එම ස්ථානයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.