සත්වෝද්‍යානයේ සිටි ඔරන් ඔටන් පැටවා ජල පොකුණට වැටී මියයයි
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි දුර්ලබ සතුන් කොට්ඨාසයකට අයත් ඔරන් ඔටන් පැටවෙකු අද (22) උදෑසන මිය ගොස් තිබෙනවා.
ඒ, එම සත්ත්ව කුඩුවේම ජල පොකුණකට වැටීමෙන්.
මේ වන විටත් එහි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
ඔරන් ඔටන් යනු වඳවීමේ තර්ජනයට ලක්ව සිටින මුළු ලෝකයේම අවධානය දිනා ඇති සත්ත්ව කොට්ඨාසයක් ලෙස සැලකෙනවා.
මේ අතර ඔරන් ඔටන් වැඩිහිටි ගැහැණු සතා ද මීට මාස කිහිපයකට පෙර මරණයට පත්ව තිබෙනවා.
ඒ අනුව ගෙවුණු මාස 5 ඇතුළත මෙවැනි අති දුර්ලබ ඔරන් ඔටන් මරණ දෙකක් වාර්තා වනවා.