Latest News

දුම්රිය අනතුරකින් 12 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

යාපනය, මුරුසවිල් ප්‍රදේශයේදී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් කැබ් රථයේ ගමන් කළ 12 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය කළ යාල්දේවී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

කෙසේවෙතත් එම ස්ථානයේ දුම්රිය ආරක්ෂිත ගේට්ටුවක් ද නොතිබූ බවයි වාර්තා වන්නේ.

අදාළ අනතුරින් 45 හැවිරිදි පියා සහ 15 හැවිරිදි තවත් දරුවෙකු බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.