ලොව වයස්ගතම කාන්තාව දිවි ගමනට සමුදෙයි
ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකුණ ජපන් ජාතික කාන්තාව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, 119 හැවිරිදි වියේ පසුවූ කානේ ටනාකා නම් කාන්තාවක්.
ඇය 1903 වසරේ ජනවාරි මස 02 වනදා ජපානයේ southwestern fukuoka දී උපත ලබා තිබෙනවා.
අදාළ කාන්තාව 1922 දී විවාහ දිවියට ඇතුලත් වී ඇති අතර ඇය දරුවන් සිව්දෙනෙකුගේ මවක් ද වනවා.
කානේ ටනාකා 2019 වසරේ දී ලොව ජීවත්ව සිටින වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.