Latest News

ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයින්ට දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් තැන්පත් කරනු ලබන විදේශිකයන්ට වසර 10ක වාස වීසා නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

”රන් පරාදීස වීසා වැඩසටහන” ලෙස එය නම් කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළා.

එමෙන්ම, ස්වාධිපත්‍ය දේපළවල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන විදේශිකයින්ට, විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ගේ කාලත්‍රයින්ට සහ යැපෙන්නන්ට අවුරුදු 5 සිට 10 දක්වා දීර්ඝ කාලීන වීසා නිකුත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අද (26) පැවැත්වුණ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකාච්ඡාවේ දි මේ බව සඳහන් කළා.