Latest News

ඇමෙරිකානු උප ජනාධිපතිනියට කොවිඩ්

ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට කොවිඩ් 19 වෛරස ආසාදනය වී තිබෙනවා.

57 හැවිරිදි උප ජනාධිපතිනිය කොවිඩ් ආසාදිතයකු වීමට පෙර ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කීපයකදී හමුවුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

කෙසේවෙතත් ඇයගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති අතර ඇය මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් වී සිටිනවා.

කමලා හැරිස්ගේ මාධ්‍ය ලේකම් ක්‍රිස්ටින් ඇලන් සඳහන් කර ඇත්තේ, උප ජනාධිපතිනීය සිය නිල නිවසේ සිට රාජකාරි කටයුතුවල නියැලෙන බවයි.