මියන්මාරයේ හිටපු නායිකාවට වසර 5ක සිරදඬුවම්
මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සුකී ට එරෙහිව වසර 5ක සිරදඬුවමක් ලබා දී තිබෙනවා.
ඒ ඇයට එරෙහිව ගොනුකර තිබූ “දුෂණ චෝදනා” සම්බන්ධයෙන් වැරදිකරු බවට අධිකරණය විසින් නියෝග කිරීමත් සමගයි.
අවුන් සාන් සුකීට එරෙහිව නඩු විභාග කිහිපයක් පැවැත්වුණ අතර ඇය මේ වන විට නිවාස අඩස්සියේ පසුවන බවට විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.