“ජනපති හා අගමැති ධූරයෙන් ඉවත්විය යුතුයි ” – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයන් වලින් ඉවත්ව නව ජනාධිපතිවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය සඳහන් කලේ, වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යටතේ ආණ්ඩුවක් සෑදීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් දේශපාලන පක්ෂ සූදානම් නොමැති බවයි.
රටේ පවතින තත්ත්වය හමුවේ තමා ඉතා සංවේදී වන බව සඳහන් කළ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම අද වෙන විට රටේ දැවැන්ත ඖෂධ හිඟයක් ඇති බවත් එය ඉදිරියේදී තවත් වර්ධනය වන බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා.