Latest News

ශ්‍රී ලාංකික ඉංජිනේරුවරිය ඕස්ට්‍රේලියාවේදී මුහුදේ ගිලී මරුට

ශ්‍රී ලාංකික කාන්තාවක් ඕස්ට්‍රේලියාවේදී රළ පහරට හසුවී මුහුදේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, 40 හැවිරිදි ඉංජිනේරුවරියක්.

පසුගිය දිනක පිරිසක් සමග අදාළ කාන්තාව හා සිය සැමියා සමග මුහුදු වෙරළක විනෝද චාරිකාවකට එක්වූ අවස්ථාවේදී මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රළ පහරට හසුව ගසාගෙන ගිය ඇයව බේරා ගෙන රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පදිංචිව සිටි අදාළ කාන්තාව, මෙරට ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

එම කාන්තාවගේ සැමියාද එරට ඉංජිනේරුවරයෙකු ලෙස සේවයේ නිරතව සිටිනවා.