Latest News

භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු ඇද වැටී මරුට

කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ දී භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු ඇද වැටී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර දකුණු, හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සාදික් නමැති 63 හැවිරිදි පුද්ගලයෙක්.

භූමිතෙල් ලබා ගැනීම සඳහා උතුරු කළුතර පිරවුම්හලේ දිගු පෝලිමක රැදී සිටි ඔහු අද පස්වරු 2.00ට පමණ මෙලෙස ඇද වැටී ඇති බවයි කළුතර උතුර පොලිසිය සඳහන් කලේ.

ඉන් පසුව සුවසැරිය ගිලන් රථයෙන් කළුතර මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් ඇති බව රෝහලේ වෛද්‍යවරුන් සදහන් කළා.