Latest News

IMF අධ්‍යක්ෂිකාවටත් කොරෝනා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජියෝජියේවාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

කෙසේ නමුත් ඇයට සුළු රෝග ලක්ෂණ පවතින බවයි ඇගේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ.

ඒ අනුව ඇය නිවසේ සිට දුරස්ථ ලෙස රාජකාරි කටයුතුවල නිරත වන බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියෝජියේවා කොරෝනා වෛරසයට එරෙහි පූර්ණ එන්නත්කරණය ලබා සිටින තැනැත්තියක්.