Latest News

ඉන්දුනීසියාවෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය ආධාර

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත ඉන්දුනීසියානු රජය විසින් රුපියල් මිලියන 570 ක් වටිනා ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඊයේ (28) දින කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක් වටිනා මෙම වෛද්‍ය ආධාර තොගය, කිලෝ ග්‍රෑම් 3100 ක් බරකින් යුක්තයි.

මෙම වෛද්‍ය ආධාර තොගය තුළ විශේෂයෙන් පිළිකා රෝගීන් සදහා වූ අත්‍යවශ්‍ය ඖෂධ ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී සති දෙකක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ඉන්දුනීසියානු රජය ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය කෘතවේදීත්වය ප්‍රකාශ කරනු ලැබුවා.

අදාළ ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ තොගය ඊයේ (28) පස්වරු 05.34 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 364 දරන ගුවන් යානයෙන් ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.