Latest News

පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට

කහටගස්දිගිලිය පලුකෙටුවැව ප්‍රදේශයේ ගෙවත්තක වළ දමා තිබූ ටී 56 ගිනි අවියක්, ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැබිතිගොල්ලෑව දිසා දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාළ සෝදිසි කිරීමේ මෙහෙයුම දියත් කළ බවයි පොලිසිය සඳහන් කලේ.

අදාළ නිවස ඉදිරිපිට ගෙවත්තේ සූක්ෂම අයුරින් වළ දමා තිබූ ටී 56 මැගසින් තුනක්, ජෙලට්නයිට් කූරු 8ක් , ටී 56 ජීව උණ්ඩ 184ක්, ඩෙටනේටර් 11, හිස් උණ්ඩ කොපු දෙකක්, අඩි තිස් දෙකක් පමණ දිග සේවා නූල් තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාවගේ සැමියා, යුද හමුදා සෙබළකු වන අතර මෙම ගිනි අවිය ඇතුළු උණ්ඩ අත්අඩංගුවට පත්වන අවස්ථාවේ අදාළ යුද හමුදා සෙබළා නිවසේ සිට නොමැති බවයි පොලිසිය සඳහන් කලේ.

මෙහිදී පොලිසිය සඳහන් කලේ,කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා මෙම ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඇතැයි සැක කරන බවයි.