මාස 6යේ බිළිඳිය වැසිකිළි වළකට දැමු මව්පියන් අත්අඩංගුවට….
මාස 6ක බිළිඳියක් වැසිකිළි වළකට දමා ඝාතනය කළ දෙමාපියන් අත්අඩංගුවට ගත් පුවතක් සීදුව, තුන්මුල්ලවත්ත ප්රදේශයෙන් වාර්තා වනවා .
අදාළ බිළිඳිය පසුගිය (3) දින ඇගේ මව විසින් ළිඳකට දමා ඇති අතර ,පියා සවස නිවසට පැමිණ බිළිඳිය පිළිබඳව සොයා බැලීමේදී ඇය ළිඳකට දැමූ බව එම මව පවසා තිබෙනවා.
ඉන් අනතුරුව බිළිඳියගේ පියා සිද්ධිය වසන්කිරිම සඳහා ළිඳේ තිබූ බිළිඳියගේ මළ සිරුර ගොඩගෙන වැසිකිළි වළකට දමා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සඳහන් කලේ, බිළිඳියගේ මව යම් මානසික ආබාධයකින් පෙළෙන කාන්තාවක් බවයි.