Latest News

චමරිගෙන් වේගවත් පිතිකරණයක්…

ආරාධිත ෆෙයාර්බ්‍රේක් තරඟාවලියේ සමාරම්භක තරඟයේ දී ෆැල්කන් කණ්ඩායම වෙනුවෙන් පන්දු 52කින් වෙිගවත් ලකුණු 107ක් ලබා ගැනීමට චමරි අතපත්තු ඊයේ (05) සමත් වුණා.

ඒ වෝරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදීයි.

ප්‍රතිවාදී වෝරියර්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ දී කඩුළු 2ක් පමණක් දැවී වාර්තා කළ ලකුණු 177ට පිළිතුරු වශයෙන් ෆැල්කන් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමට නවසීලන්ත ක්‍රීඩිකා සුසී බේට්ස් සමග පිටියට පිවිසි චමරි අතපත්තු ලකුණු 133 සබඳතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ අතර එය ෆැල්කන් කණ්ඩායමට පන්දු අටක් ඉතිරිව තිබිය දී සිය ජයග්‍රහණය කරා යෑමට පහසුවක් වුණා.

එහි දී චමරි අතපත්තු හයේ පහර 5ක් සහ හතරේ පහර 13ක් ක්‍රියාත්මක වනු දක්නට හැකි වුණා.

මෙම තරඟයේ දී ම වෝරියස් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා උපදේශිකා ප්‍රබෝධනී සහභාගී වුවත් ඇයට දක්‍ෂතාවලට පිවිසීමට හැකියාවක් ලැබුණේ නැහැ.