අද සිට භූමිතෙල් වලටත් සීමාවක්
භූමිතෙල් නිකුත් කිරීමේදී එක් පාරිභෝගිකයෙකුට දිනකට නිකුත් කළ හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ලීටර 05 ක් බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කාර්යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
ධීවර කර්මාන්තයේ නියැලී සිටින පාරිභෝගිකයන් සඳහා භූමිතෙල් නිකුත් කිරීමේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන වලංගු ලිපියක් මත පාරිභෝගිකයන්ව හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වන භූමිතෙල් නිකුත් කළ හැකි බවයි එම චක්‍රලේඛය මගින් පවසා ඇත්තේ.
එසේ නොමැතිව භූමිතෙල්, ඉන්ධන පිරවුම්හල් වෙතින් නිකුත් කිරීමට මින් පසු අවසර නොමැත.