Latest News

පොලීසියට පාට් දැමු තරුණිය ජාතික රෝහලේ

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු සමග ගැටුමක් ඇති කර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණිය රෝහල් ගත කර තිබෙනවා.

මෙහිදී බොරැල්ල පොලිසිය සඳහන් කලේ, අදාළ තරුණිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර කළ බවයි.

එම සිදුවීමට අදාළව තරුණිය හා ඇගේ යහළුවන් රඳවාගෙන කර ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව තරුණිය හා ඇගේ යෙහෙළිය ඇතුළු සිව් දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පිරිස සන්තකයේ තිබී අයිස් සහ කුෂ් නැමති මත්ද්‍රව්‍ය ද හමුවී තිබෙනවා.

ඒ අනුව බොරැල්ල පොලිසිය තුළ ඔවුන් රඳවාගෙන පැය කිහිපයක් සිදුකළ මූලික විමර්ශනවලින් පසුව අදාළ පිරිස අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කර තිබුණා.

එහිදී පොලිස් නිලධාරියාට බැණ වැදුන තරුණිය, පරීක්‍ෂණ කිහිපයක් සඳහා රෝහල් ගත කර ඇති අතර, අනෙක් සැකකරුවන් යළි පොලිසියට රැගෙනවිත් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස ඊයේ (08) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.