Latest News

අමෙරිකානු ජනාධිපති ආර්යාව රොමේනියාවට

අමෙරිකානු ජනාධිපති ආර්යා ජිල් බයිඩන්, රොමේනියාවේ බුකරෙස්ට් අගනුවරට සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා.

ඒ රුසියන් හමුදා ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින්, රොමේනියාවට පලා ආ යුක්රේන වැසියන්ගේ සුවදුක් විමසා බැලීම සඳහායයි.

රොමේනියාවේ රැඳී සිටින යුක්රේන සරණාගතයන්ට අවශ්‍ය ආධාර ද රැගෙන ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් බුකරෙස්ට් අගනුවරට පැමිණ ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක ප්‍රධානීන් ද සමග බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට රොමේනියාවට පලා ආ යුක්රේන වැසියන් ගණන 9,10,000 ක් බවයි වාර්තා වන්නේ.

අමෙරිකාව විසින් මෙලෙස රොමේනියාව වෙත පලා ආ සරණාගතයන් වෙනුවෙන් ආධාර ලබා දීම ද සිදුකරනු ලබනවා.

පලා ආ එම 9,10,000 අතර තරුණ කාන්තාවන් සහ පාසල් අධ්‍යාපනය අහිමි වුණු යොවුන් දැරියන් 80,000 ක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් රොමේනියානු රජය සඳහන් කරනුයේ, අදාළ දැරියන් වෙනුවෙන් අධ්‍යාපන පහසුකම් සැපැයීමට කඩිනමින් පියවර ගන්නා බවයි.