ඊයේ රාත්රියේ ඥානක්කාගේ නිවසටත් ප්රහාරයක්
අනුරාධපුරයේ දේවාලයක් පවත්වාගෙන යමින් සිටි “ඥානක්කා” නමින් ප්රසිද්ධියට පත් කාන්තාවගේ නිවසට ද ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
අදාළ කාන්තාවගේ නිවසට ඇතුළුවීමට නොහැකි වූ බැවින් ප්රකෝප වූ ජනතාව තාප්පය කඩා නිවසට ඇතුළු වී ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අදාළ නිවසට ගල් මුල් වලින්ද ප්රහාර එල්ල කර ඇති අතර නිවසෙහි වීදුරු සියල්ල බිඳී ගොස් ඇති අයුරු ද දක්නට තිබෙනවා.
කෙසේවෙතත් අදාළ කාන්තාව විසින් පවත්වාගෙන යනු ලබන දේවාලයට පහරදීමට උත්සහ කළත් එය වළක්වා ඇති අතර, දේවාල භූමියට සුළු ප්රහාරයක් එල්ල කර තිබුණා.