Latest News

අමෙරිකාවෙන් ඩොලර් මිලියන 2.6 ක් වටිනා ඖෂධ පරිත්‍යාගයක්

මේ වන විට පවතින ආර්ථික හා දේශපාලනික අර්බුධ හමුවේ ශ්‍රී ලංකාව අරාජිකත්වයට පත්වෙමින් තිබෙනවා. රටේ පවතින අර්බුධකාරී තත්ත්වයත් සමග ජනතාවට මුහුණදීමට තිබෙන මූලික ගැටළු රාශියක් පවතිනවා. මේ අතරින් රෝහල් වල බෙහෙත් ද්‍රව්‍ය නොමැති වීම හා වෛද්‍ය උපකරණවල හිඟතාවය ජනතාවට බොහෝසේ බලපෑම් එල්ලකර තිබෙනවා.

පැනඩෝල් සිට අනිකුත් වේදනා නාශක දක්වා බෙහෙත් ද්‍රව්‍ය 32ක් මේ වන විට රටේ නොමැති බව පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරනු ලැබුවා, රටේ පවතින බොහොමයක් රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය හා වෛද්‍ය උපකරණ නොමැතිවීම හේතුවෙන් පරිත්‍යාගශීලින්ට මේ වෙනුවෙන් උපකාර ලබා දෙන ලෙස ආරාධනා කර තිබෙනවා.

එවන්වූ කාල සීමාවක කැලිෆෝනියාවේ සැන්ටා බාබරා හි පදිංචිව සිටින ශ්‍රී ලංකා ජාත්‍යන්තර සිනමා උළෙලෙහි නිර්මාතෘ අරුණි බොතේජු විසින් Direct Relief සංවිධානය සමග එක්ව ඉදිරියේ දී ඇතිවීමට තිබෙන අර්බුදයෙන් මිදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකාවට වෛද්‍ය ආධාර එවීමට ක්‍රියාකර තිබෙනවා. Direct Relief මගින් ඩොලර් මිලියන 2.6 ක් වටිනා ඖෂධ පරිත්‍යාග කරන ලද අතර එය මැයි 10 වන දින දිවයිනට ළඟා වනු ඇති.

අරුණි බොතේජු සහ Direct Relief සංවිධානය එක්ව ක්‍රියා කරන අතර, ඔවුන් ඔක්සිජන් සාන්ද්‍රකාරක හා තවත් ත්‍යාගශීලී පරිත්‍යාගයන් මගින් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට සුදානමින් සිටිනවා.

ඒ අනුව ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් රැකබලා ගැනීම සඳහා ජීවිතාරක්ෂක වෛද්‍ය සැපයුම් සමග වෛද්‍යවරුන් සහ හෙදියන් සන්නද්ධ කිරීමට Direct Relief එක්සත් ජනපදය සමග එක්ව ජාත්‍යන්තරව ක්‍රියා කරනු ලබනවා.

නිරෝගී මිනිසුන් – වඩා හොඳ ලෝකයක්

එයින් අදහස් වන්නේ සියලු මිනිසුන් දේශපාලනය, ආගම හෝ ගෙවීමේ හැකියාව මත නොසලකා ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමයි.
මෙය Direct Relief සංවිධානයේ මෙහෙවර වනු ඇති.

Direct Relief සංවිධානය ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට වෛද්‍ය ආධාර සඳහා උපකාර කිරීමට කැමැත්තෙන් සිටින අරුණි බොතේජු ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති ලෙස සහන සැපයීම සිදුකරනු ලබනවා.