Latest News

ගැටුම් වලින් මරණ 9ක් – දේපළ හානි කිරීම් 136ක් වාර්තා වෙයි

රටේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හටගත් ගැටුම් වලින් මරණ 9ක් මේ දක්වා වාර්තා වී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මේ බව සඳහන් කළා.

මිය ගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හා මහජන නියෝජිතයින් ද වන බවයි ඔහු සඳහන් කලේ.

අදාළ සිදුවීමෙන් තුවාලකරුවන් 219ක් ද වාර්තා වී තිබෙනවා.

මේ අතර ගැටුම් හේතුවෙන් වාහන ගිනිතැබීමේ සිද්ධි 41ක්, වාහන අලාභහානි සිදුකිරීම් 61ක් සහ දේපළ හානි කිරීම් 136ක් ද වාර්තා වී ඇති බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙනවා.