Latest News

දේශපාලන ස්ථාවරත්වයක් නොමැති වුවහොත් ධූරයෙන් ඉවත්වනවා – මහ බැංකු අධිපති

ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවුනහොත් තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් වන බව එම බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කලේ,ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෙහිදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කලේ, රට තුළ‌ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති නම් ගන්නා ආර්ථික ප්‍රතිපත්තිවලින් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවත් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහොත් ආර්ථික තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් නරක අතට හැරෙනු ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කලේ,

“දේශපාලනඥයන්ට එකතුවෙලා ස්ථාවරත්වයක් ගෙන එන්න බැරි නම් කාටවත් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. දේශපාලන ස්ථාවරත්වය නැතිනම් මම තනතුරේ ඉන්නේ නෑ. සතියක් දෙකක් ඇතුළත් දේශපාලන ස්ථාවරත්වය ගේන්න බැරි නම් කවුරු අධිපති ධුරයේ හිටියත් රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ. ඒ නිසා සතියක් දෙකක් ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති වුණේ නැතිනම් මහ බැංකු අධිපති ධුරය දැරීමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ බව මා ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා.”