Latest News

අනියම් සැමියා සමග එක්ව ස්වාමියා මරා වළ දැමූ බිරිඳක්…

යාපනයේ මරදන්කේණී වෙත්තිලකර්නී ප්‍රදේශයේ කාන්තාවක් සිය අනියම් සැමියා සමග එකතු වී ස්වාමියා මරා වළ දමා තිබෙනවා. පසුව පොලිසිය කළ පරීක්ෂණවලදී 11 දා මළ සිරුර ගොඩ ගෙන තිබෙනවා.

සිවඥානම් ශිවදාසන් නමැති 42 හැවිරිදි මෙම පුද්ගලයා අතුරුදන් වූ බවට මුලින්ම කාන්තාව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය සිදු කළ පරීක්ෂණවල දී මෙම ඝාතනය පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මරදන්කේණී පොලිසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ කාන්තාව හා ඇගේ අනියම් පුරුෂයා අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂණවලින් පසුව මරා වළ දමා තිබූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

මරදන්කේණී පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.