පොලිස් වෙඩි පහරින් මාධ්‍යවේදිනියක් මරුට…
ඊශ්‍රායල හමුදාව කළ වෙඩි තැබීමකින් අල් ජසීරා පුවත් සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන ෂරීන් අබු අක්ලේ (ඊයේ) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ෂරීන් අබු අක්ලේ හමුදා වෙඩි ප්‍රහාරයකට බිලි වූයේ බටහිර ඉවුරේ ගැටුම් සම්බන්ධයෙන් පුවත් වාර්තා කරමින් සිටින අතරතුරදීය.
වෙඩි තැබීමට ලක්වන අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් ඔවුන් වෙන් කර හඳුනා ගැනීමට පලඳින කබාය ඇය පැලඳ සිටි බවටද පැවසෙනවා.
ෂරීන් අබු අක්ලේ ට අමතරව පලස්තීන මාධ්‍යවේදියෙකුට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. රෝහල්ගත කළ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊශ්‍රායල හමුදා ෂරීන් අබු අක්ලේ අමු අමුවේ ඝාතනය කළේයැයි අල් ජසීරා පුවත් සේවය පවසා තිබෙනවා. මේ අතර ෂරීන් අබු අක්ලේගේ ඝාතනයට ඊශ්‍රායල හමුදාව වගකිව යුතුයැයි ද අල් ජසීරා පුවත් සේවය වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.