වසර 30කට පසු ප්‍රංශයට අග්‍රාමාත්‍යවරියක් පත් වෙයි
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස හිටපු කම්කරු ඇමතිනි එලිසබෙත් බෝර්න් පත් කර තිබෙනවා.
ඒ අනුව කාන්තාවක් අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කළ දෙවෙනි අවස්ථාව මෙය වනවා.
ප්‍රංශයට අග්‍රාමාත්‍යවරියක් පත්වී ඇත්තේ, වසර 30කට පසු වීම විශේෂත්වයක්.
මෙම පත් කිරීමට පෙර හිටපු අගමැති ජීන් කැස්ටෙක්ස් ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ, නව රජයක් පිහිටුවීම සඳහායි.
ප්‍රංශයේ මීළඟ ව්‍යවස්ථාදායක මැතිවරණය එළඹෙන ජුනි 10 වන දින ආරම්භ වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී 16 වැනි ජාතික සභාවට සාමාජිකයින් 577 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.