Latest News

අවුරුදු 16 හා 17 ගැහැණු දරුවන්ට ගබ්සා කිරීම් වලට දෙමාපිය අනුමැතිය අවශ්‍යය නැහැ

වයස අවුරුදු 16 සහ 17 වයස්වල ගැහැණු ළමයින්ගේ දරු ගැබ ගබ්සා කිරීමට පෙර දෙමාපියන්ගේ අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කරන කෙටුම්පතක් ස්පාඤ්ඤය අනුමත කර තිබෙනවා.

නව පනත් කෙටුම්පතේ අරමුණ වී ඇත්තේ,2015 දී කොන්සර්වේටිව් මහජන පක්ෂය විසින් මිට ඉහතදී අනුමත කරන ලද ගබ්සා නීතිය ප්‍රතිසංස්කරණය කිරීමයි.

මෙහිදී එරට රජයේ ප්‍රකාශිකා ඉසබෙල් රොඩ්‍රිගස් සඳහන් කලේ, මෙම පනත “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නව ඉදිරි පියවරක්” නියෝජනය කරන බවයි.

ඒ අනුව ස්පාඤ්ඤයේ, ගැහුණු දරුවෙකු ගැබ්ගෙන 14 වන සතිය දක්වා ස්වේච්ඡාවෙන් ගබ්සා කිරීමට ඔවුන්ට අවසර හිමිවෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර අවුරුදු 16 සහ 17 වයස්වල ළමුන් සඳහා ගබ්සා කිරීම් සහ දරුණු ඔසප් වේදනාව යන කාරණා සඳහා අසනීප නිවාඩු ලබා දෙන බවට නව පනතේ අඩංගු වනවා.