සහනාධාර ලබා නොදුන්නොත් අනෙක් රටවලත් විරෝධතා ඇති වෙයි – ක්‍රිස්ටලිනා ජියෝජියේවා
සමාජයේ දුප්පත්ම සාමාජිකයන් සඳහා ආහාර සහ බලශක්ති පිරිවැය සඳහා රජයන් සහනාධාර ලබා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජියෝජියේවා ප්‍රකාශ කරනවා.
මෙහිදී ක්‍රිස්ටලිනා ජියෝජියේවා සඳහන් කලේ, එලෙස සහනාධාරයක් ලබා නොදීම සහ ඊට රාජ්‍ය අනුග්‍රහයක් නොමැති වුවහොත් ශ්‍රී ලංකාවේ මේ වන විට දක්නට ලැබෙන විරෝධතා වෙනත් රටවල ද ඇතිවිය හැකි බවයි.
වර්තමානයේ ඉහළ යන ජීවන වියදම සමග ලොව පුරා ජනතාව අපහසුතාවට පත් වෙමින් සිටින බවත් ඔවුන්ට ආහාර සහ බලශක්තිය වෙනුවෙන් සහනාධාර ලබාදිය යුතු බවත් ඇය අවධාරණය කරන අතර වඩාත් සුදුසු වන්නේ, ඉලක්කගත ආකාරයකින් සෘජුවම ජනතාවට සහනාධාර ලබා දීම බව ද ඇය පෙන්වා දී තිබෙනවා.
බොහෝ රජයයන් සිය රටවල්වල ජනතාවට උපකාර කරන අතර එය ප්‍රමාණවත් නොවන බව ඇතැමුන් විවේචනය කරන බව ද ඇය සඳහන් කළා.
මෙම වසරේදී ආහාර මිල වාර්තාගත ලෙස ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර ඉන්ධන සහ ගෑස් මිල ද අභියෝගාත්මක ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ නමුත්, ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා සශ්‍රීකත්වය උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයයන් සමග එක්ව කටයුතු කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිරිස්ටලිනා ජියෝජියේවා වැඩිදුරටත් සඳහන් කළා.