Latest News

සමන්තා පවර් හා අගමැති අතර දුරකථන සංවාදයක්

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර්, අගමැති රනිල් වික්‍රමසිංහ සමග දුරකථන සංවාදයක යෙදී තිබෙනවා.

අසාමාන්‍ය ලෙස බලපා ඇති දුෂ්කර කාල පරිච්ඡේදය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව මෙම සංවාදයේදී ඇය අගමැතිට සහතික වී ඇති බව වාර්තා වනවා.

එහි දී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, G7 සංවිධානය වැනි අනෙකුත් ආධාරකරුවන් සමග සමීපව කටයුතු කරන බවත් ඇය පවසා තිබෙනවා.