බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ සුළු පියා අත්අඩංගුවට
වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් අවස්ථා කිහිපයක දී ලිංගික අපයෝජන කළ පුද්ගලයෙකු පසුගිය (23) වැනිදා තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, වින්දිත දැරියගේ මවගේ දෙවැනි සැමියා වන 47 හැවිරිදි අයෙක්.
අදාළ දැරිය, සිය මව, සහෝදරිය, මවගේ දෙවැනි සැමියා සහ ඔහුගේ පළමු විවාහයේ පිරිමි දරුවා සමග 2017 වසරේ සිට එකට පදිංචිව සිට ඇති බව වාර්තා වනවා.
එහිදී අදාළ දැරිය විසින් මවගේ දෙවැනි සැමියාගේ පිරිමි දරුවා සමග ඇතිකර ගත් ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඔවුන් එම නිවසින් පිටව ගොස් තිබෙනවා.
පෙම්වතාගේ පියා වයස අවුරුදු 13 දී තමාට ලිංගික අපයෝජනයක් සිදු කළ බවට අදාළ දැරිය විසින් දැනුවත් කිරීමෙන් අනතුරුව මව විසින් ඒ පිළිබඳ තඹුත්තේගම පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කළා.
එමෙන්ම එම දැරියට මේ වනවිට වයස අවුරුදු 18ක් වන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (24) අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.