ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම කල් යයි
අවිධිමත් රාජ්ය තාන්ත්රික ගමන් බලපත්රයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට කොළඹ මහේස්ත්රාත් අධිකරණය මගින් ලබා දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත්කල ඇප ඉල්ලීම සළකා බැලීම හෙට (31) දිනය දක්වා කල් දමා තිබෙනවා.
ඒ කොළඹ ප්රධාන මහේස්ත්රාත් නන්දන අමරසිංහ මහතාගේ නියෝගයකට අනුවයි.
එහිදී නිතිපතිවරයා වෙනුවෙන් නොතීසි නිකුත් කරන ලෙසද අධිකරණය නියම කරනු ලැබුවා.
අදාළ අභියාචනය සළකා බැලීමේ අවස්ථාව සඳහා සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශ ද බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට රැගෙනවිත් තිබුණා.