Latest News

සා.පෙළ ලියන්න ආ සිසුවියට විභාග නිරීක්ෂකයාගෙන් ලිංගික අතවර

නාච්චදූව, හිදෝගම කළුවිල සේන මහා විදුහලේ විභාග ශාලාවේදී විභාග අපේක්ෂිකාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් විභාග නිරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ජූනි මස (2) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, නාච්චදූව නව නගරයේ පදිංචි ගුරුවරයෙක්.

අදාළ සිදුවීම සා.පෙළ ඉතිහාසය විෂය පැවති ඉකුත් (25) වනදා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය එදින ම ගුරුවරියකට පැමිණිලි කර ඇති අතර ඉන් අනතුරුව සිය වැඩිහිටියන් සමග ගොස් (26) වනදා හිදෝගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

කෙසේවෙතත් අත්අඩංගුවට පත් ගුරුවරයාගේ පාර්ශවය විසින් මුදල් දී අදාළ සිදුවීම යට ගැසීමට ද උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිසුවිය උසස් පෙළ අධ්‍යාපනය ලබන අතර සාමාන්‍ය පෙළ අසමත් විෂයයන් සඳහා මෙවර විභාගයට පෙනී සිට ඇති බව පරීක්‍ෂණ මෙහෙය වූ පොලිසිය සඳහන් කළා.