ශෂී වීරවංශට ඇප නියම වෙයි
අවිධිමත් රාජ්ය තාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවම් නියම වූ ශෂී වීරවංශට කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඇප නියම කර තිබෙනවා.
ඒ ඇය කොළඹ මහ අධිකරණයට ඉදිරිපත් කර ඇති අභියාචනය සලකා බැලීමෙන් අනතුරුවයි.
ඒ අනුව නඩු විභාගය අවසන් වන තුරු ඇය මුදා හරින ලෙස ඇයගේ නීතිඥයින් සිදුකළ ඉල්ලීම මත මෙම නියෝගය ලබා දී තිබෙනවා.