Latest News

අටළුගම දැරිය ඝාතනයේ සැකකරුගේ තවත් ස්ත්‍රී අතවරයක් හෙළිවෙයි

බණ්ඩාරගම – අටළුගම දී ඝාතනයට ලක්වූ ෆාතිමා ආයිෂා දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මින් පෙර අවස්ථාවකදී ද එම ප්‍රදේශයේ කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කර ඇති බවට අද අනාවරණය වී තිබෙනවා.

මෙහිදී සිද්ධියට මුහුණ දුන් කාන්තාව සඳහන් කලේ, පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කළ ද ඔවුන් ඒ සඳහා නිසි ක්‍රියා මාර්ග නොගත් බවයි.

එම අවස්ථාවේදී පොලිසිය නිසි පියවර ගෙන තිබුණා නම් ආයිෂා දැරියට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදු නොවන බවද එම කාන්තාව සඳහන් කළා.

අදාළ සිදුවීම පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇති අතර එම කාන්තාව සිටි නිවසට රහසිගතව ඇතුළුවී ඇති එම සැකකරු එහිදී ඇයට අතවර කිරීමට උත්සාහ කර තිබෙනවා.

මෙහිදී අදාළ සිදුවීමට මුහුණ දුන් කාන්තාව සඳහන් කලේ,

“මම පෙර පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කළා. මම දරුවන් දෙදෙනා සමග ගෙදර නිදාගෙන සිටියදී මගේ කට තදකරා. ඒත් එක්කම මට ඇහැරුණා. මාව කඹයකින් ගැටගහන්න හැදුවා.මම කෑගැහුවා.ඒත් එක්කම ඔහු පැනලා ගියා. “