ත්රිරෝද රථ අනතුරකින් මව සහ දියණිය මරුට
දඹුල්ල සිට අනුරාධපුරය බලා ධාවනය කළ ත්රිරෝද රථයක් අනුරාධපුර කවරක්කුලම ප්රදේශයේ දී බෝක්කුවකට පෙරළීමෙන් එකම පවුලේ මව සහ දියණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ අනතුරින් පියා සහ පුතු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
අනුරාධපුර පොලිසිය සඳහන් කලේ, එහි රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ත්රිරෝද රථය බෝක්කුවක් තුළට පෙරැළී මෙම අනතුර සිදුව ඇති බවයි.