Latest News

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු විවාහ ගිවිස ගනියි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සිටින සුරූපී මෙන්ම දක්ෂතම ක්‍රීඩිකාවක් වන Natalie Ruth Sciver හා එම කණ්ඩායමේ සිටින ප්‍රවීනතම ක්‍රීඩිකාවක් වන Katherine Helen Brunt සමග පසුගිය (29) වනදා විවාහ ගිවිසගෙන තිබෙනවා.

මොවුන් අතර කලක සිට ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති අතර ඒ අනුව ඔවුන් පසුගියදා චාම් උත්සවයක් පවත්වමින් විවාහ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර මෙම විවාහය සඳහා එංගලන්ත ක්‍රිකට් කමිටුව විසින්ද සුබ පැතුම් එක්කර තිබුණා.

Katherine පන්දු යවන්නියක් ලෙස එංගලන්ත කණ්ඩායමට විශාල සේවයක් සිදුකර ඇති අතර ඇය සිව් වතාවක් ECB Cricketer of the year සම්මානය දිනාගැනීමට සමත්ව තිබුණා.

එමෙන්ම ඇය එංගලන්තය ජයග්‍රහණය කළ ලෝක කුසලාන දෙකකට හා T20 ලෝක කුසලානයට තම දායකත්වය ලබාදී තිබෙනවා.

Natalie තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන අතර ඇය එංගලන්තය වෙනුවෙන් T20 තරගයක කඩුලු ත්‍රිත්වයක් බිදහෙලූ පළමු ක්‍රීඩිකාව වනවා.

ඇය විසින් එල්ල කළ පහරක් මුල්කර ගෙන Natmeg නමින් නව පහරක් පවා ඇගේ නමින් ක්‍රිකට් පොතට එක්කර තිබෙනවා.