විදේශ ලේකම් අරුණි හා අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය අතර හමුවක් අද(02) දිනයේ පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත් ශ්‍රී ලංකාවේ ජනතාව ඉල්ලන සමෘද්ධිමත් අනාගතය ළඟා කර දීමට අමෙරිකාවට උදව් විය හැකි ආකාරය පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.
හමුව සම්බන්ධයෙන් ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කලේ,ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීමට අමෙරිකාවේ කැපවීම සහ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වැඩි කළ හැකි ආකාරයද සාකච්ඡා කළ බවයි.