ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අද (05) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විය ඇය 74 වන වියේ පසු වුනා.
පුවත්පත් ආයතනයකින් මෙහෙයවනු ලැබූ ‘ලස්සන මුහුණු තරගාවලියේ’ පළමු තැන දිනා රංගන වරම් ලද දෙණිපිටිය විතානගේ සුමනා අමරසිංහ, රූබී ද මැල් අධ්‍යක්ෂණය කළ පිපෙන කුමුදු චිත්‍රපටයෙන් සිනමාවට ප්‍රවිෂ්ට වුණා.
සිංහල ‘සිනමාවේ සූකිරි කෙල්ල’ ලෙසින් ද කලා ලොවේ දී ඇයව ආමන්ත්‍රණය කරනු ලැබුවේ ඇය සතු වූ සුන්දර රංගන විලාසය හේතුවෙන්.
ශ්‍රී ලාංකේය සිනමා සහ ටෙලි නාට්‍යය කේෂ්ත්‍රයේ වර්ණවත් වූ තාරකාවක් ලෙසින් වැජඹුණු සුමනා අමරසිංහයන්, නිෂ්පාදන කළමනාකාරවරියක් ලෙස ද කටයුතු කළා.
මෙරට සිනමාවේ නිෂ්පාදනය, ගායනය, සහාය අධ්‍යක්ෂණය, සහාය සංස්කරණය යන අංග සඳහා දායක වූ එකම නිළිය වූයේ ද ඇය යි.
ටොම්පචයා (2016), තණ ගිරව්, සුදු පිරුවට, ජොන්සන් ඇන්ඩ් ගොන්සන් වැනි චිත්‍රපට සුමනා අමරසිංහයන් විසින් නිෂ්පාදනය කරනු ලැබුවා.
තම සැමියා වූ රෝයි ද සිල්වා සමඟ රංගනයන් රැසක් තිරයේ මැවූ ඇය ‘සුනේත්‍රා, සුකිරි කෙල්ල, ඔබයි මමයි” ආදී චිත්‍රපට රැසකට රංගනයෙන් දායකත්වය දුන් අතර ජනප්‍රියත්වයේ කිරුළ ද පැළදුවා.
දුලීකා, මිහිදුම් සිහින, කඩවුණු පොරොන්දුව, ගෙදර බුදුන් අම්මා, චෙරියෝ ඩොක්ටර් යන නිර්මාණ සුමනා අමරසිංහයන් කලා ලොවේ දැවැන්තයෙකු ලෙසින් ඔසවා තැබුණු නිර්මාණයි.
කඩවුණු පොරොන්දුව නව නිර්මාණයේ ඇය කළ රංගනය වෙනුවෙන් සරසවිය කුසලතා සම්මානයෙන් පිදුම් ලැබු සුමනා 1965 වර්ෂයේ දී ‘මිස් මේරේලාල්’ තරඟයෙන් ද ජයග්‍රහණය කළ විශිෂ්ට රංගනවේදියක් වනවා.
ලාංකීය සිනමාව වර්ණවත්කළ ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ ඔබට නිවන් සුව !!!