Latest News

අවුරුදු එකහාමාරක දරුවෙකු ඇළකට වැටී මරුට

කිලිනොච්චිය, මරුදනගර් ප්‍රදේශයේ ඇළකට වැටී වයස අවුරුදු එකහාමාරක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, නිශාන්තන් සබීසන් නමැති පිරිමි දරුවෙක්.

නිවස ඉදිරිපිට කුඹුරුවලට ජලය රැගෙන යන ඇළ මාර්ගයකට වැටීමෙන් දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබෙනවා.

අදාළ දරුවා සිය නිවසේ සෙල්ලම් කරමින් සිටියදී ඇළට ගොස් ඇති බවත් දරුවා පිළිබඳ මව විසින් සිදුකළ සොයා බැලීමකදී ඇළ මාර්ගයේ දිය යට තිබී දරුවාගේ සිරුර හමුවී ඇති බවත් කිලිනොච්චිය පොලිසිය සඳහන් කළා.