ළමුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස ප්‍රභේදයක්
මේ දිනවල කුඩා දරුවන් අතර උණ සමග ශරීරයේ රතු ලප හෝ සුදු බිබිලි මතුව ඇත්නම් එම දරුවන් ඉදිරි දින කිහිපයේ පෙර පාසල් හා පාසල් නොයවන ලෙස වෛද්‍යවරු ඉල්ලා සිටිනවා.
මෙය දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස ප්‍රභේදයක් හේතුවෙන් බෝ වන රෝගයක් බව වෛද්‍යවරු පෙන්වා දෙනවා.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ,කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මේ දිනවල වාර්තා වන මෙම වෛරස ප්‍රභේදය මාස 6ත් – අවුරුදු 12ත් අතර දරුවන් අතර ව්‍යාප්ත වෙමින් ඇති බවයි.
කෙසේවෙතත් වෛරසයක් හේතුවෙන් පැතිර යන මෙම රෝගය මාරාන්තික නොවන බව ද වෛද්‍යවරුන් අවධාරණය කරනවා.