Latest News

රන්ජන් රාමනායකට වසර 5ක අත්හිටවූ සිර දඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

අද (07) කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි චෝදනාවට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

අදාළ තීන්දුවට අනුව රන්ජන් රාමනායකගේ දැනට ගෙවී යන සිර දඬුවම මෙම කාලයට ඇතුළත් නොවන බවයි වාර්තා වන්නේ.

රන්ජන් රාමනායක මේ වන විටත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරැදිකරු වීම හේතුවෙන් වසර 4ක සිර දඬුවමකට ලක්ව සිටිනවා.

මේ අතර අද දින සිට වසර පහක කාලයක් තුළ වෙනත් වරදකට වරදකරු වුවහොත් මෙම වසර දෙකක සිර දඬුවම ක්‍රියාත්මක වන බවත්, අද දින සිට වසර පහක කාලසීමාව තුළ යහපත් කල්ක්‍රියාවෙන් සිටියහොත් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මෙම දඬුවම නොකළා සේ සලකන බවත් විනිසුරුවරයා රාමනායක මහතාට පැහැදිලි කර තිබෙනවා.