Latest News

මැල්ල ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවා අතුරුදන්

ගම්පොල අටබාගේ මැල්ල ජලාශය අසළ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගසා ගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පුස්සල්ලාව පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ, ගම්පොල නව දේවිට ප්‍රදේශයේ පදිංචි කවීන් එරන්ද මාරසිංහ නමැති සිසුවෙක්.

ගම්පොළ විද්‍යාලයක ඉගෙනුම ලැබූ ඔහු මෙවර අපොස සා /පෙළ විභාගයට පෙනී සිට විභාගය අවසන් වීමත් සමග ගම්පොල අටබාගෙ උඩගම ප්‍රදේශයේ පදිංචි තම පාසල් මිතුරාගේ නිවසට ගොස්ව තිබෙනවා.

පසුව දෙදෙනාම එක්ව මෙසේ අටබාගේ ඔයට දියනෑමට ගොස් ඇති අතර දිය නාමින් සිටි දෙදෙනාම ඔයේ පහළට ගසාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුරින් උඩගම සිසුවා දිවි ගලවා ගෙන තිබෙනවා.

පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ සිසුවා සෙවුවද හමු නොවීම හේතුවෙන් අද (07) යළි එම සිසුවා සෙවීම ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පුස්සල්ලාව පොලිසිය සිදු කරනවා.