Latest News

මාස 4ක බිළිඳෙකුට මරු කැඳවූ වන අලි ප්‍රහාරය

අක්කරෙයිපත්තුව – පල්ලකාඩු කුණු කන්ද ප්‍රදේශයේ දී ඊයේ (08) දිනයේ වන අලියෙකු පහරදීම හේතුවෙන් මාස 4ක් වයසැති බිළිඳෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ දරුවාගේ මව්පියන් ගවයින් බලාගැනීම සඳහා ගොස් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කලේ,දරුවාගේ මව ද වන අලි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුලත් කර ඇති බවයි.