මෙරට ජනතාවගෙන් 22%ට ආහාර ආධාර අවශ්‍යයි
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 22 කට එසේත් නැතිනම් ලක්ෂ 49 කට ආහාර ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට සාධක කිහිපයක් බලපෑම් එල්ල කරන බවයි ඇය සඳහන් කලේ.
රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් 2021/2022 මහ කන්නයේ අස්වැන්න සියයට 40-50 ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.