කුඩා බිළිඳු මළ සිරුරක් වැල්ලම්පිටියෙන් හමුවෙයි
වැල්ලම්පිටිය, වෙලේවත්ත ගෝතමී මාවත ප්‍රදේශයේ තිබී බිළිඳු මළ සිරුරක් ඊයේ (12) සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගෙන ඇත්තේ, කුඩා පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් බවයි පොලිසිය සඳහන් කලේ.
අදාළ බිළිඳාගේ සිරුරේ කොටස් සතුන් විසින් කා දමන්නට ඇතැයි සැක කෙරෙනවා.
මළ සිරුර සම්බන්ධ වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලිසිය සිදුකරනවා.